Wednesday, May 15, 2013

කාට කියන්නද මේ අවනඩුව....?


(හිතේ දුකට ලියැවෙන ඒවා.)

මේ දවස්වල රෑ  දෙගොඩහරියක් වෙනකම් රිචර්ච් එකක වැඩ නිසා උදේට මැරුවා වගේ නින්ද යනවා. අද උදේ ඇහැරෙනකොට 9.00ට කිට්ටුයි. මලලසේකර..10ට මගේ ලෙක්චර් එකක්. සාමාන්‍යයෙන් මට පැය භාගයක් විතර ස්ලීප් ඉන(ර්)ෂියා (නිදි මරගාතේ) තිබුනත් වෙලාව දැක්ක ගමන් ඒක කොහෙද නැතුව ගියා.

ඉක්මනට ලෑස්ති වෙලා යාන්තම් 9.30 ට විතර ගෙදරින් පිටත් වුනා. යනකොට මගදි කෝල් එකක් ආවා. කැම්පස් එකේ යාලුවෙක්ගෙන්. මම අද එනවද කියලා ඇහුවා. 

ඉතින් පොඩ්ඩක් ස්ලෝ කරන්න වුනා. ස්ලෝ කියන්නෙ ඕන්නම් 40ට අඩු වෙන්නැති 60 ඉඳලා. ඒ ඇසිල්ලෙන් ත්‍රී වීල් බුවෙක් (දැන් ගම් වල කියන්නෙ වීල් කියලනෙ.) වෙට්ටුවක් දාල ඉස්සර කළා.

කෝල් එක ඉවර වෙලා ආපහු වේගෙ වැඩි කළා. මාව ඉස්සර කරපු බුවා දැන් 40ට විතර කොටනවා. මට ඉස්සර කරන්න දෙන්නෙත් නෑ. යන්නෙ පාර මැද. 

ලංකාවෙ මිනිස්සුන්ගෙ මහ පුදුම මානසිකත්වයක් තියෙන්නෙ කියල බැන බැන ඔහොම කිලෝ මීටරයක් විතර ආවා. දැන් මම හොඳ ගානට ස්ට්‍රෙස් වෙලා. පාර දෙකට බෙදපු සුදු ඉර කඩ ඉරක් වෙනකම් නොඉවසිල්ලෙන් බල බලා ආවෙ. ත්‍රී වීල් කාරය තාම පාර මැදින් යන්නෙ. 

ඉතින් ඒ වර්ණවත් මොහොත උදා වුනා. පාරෙ අනිත් ලේන් එකේ පෙනෙන තෙක් මානෙක වත් වාහනයක් තිබුනෙත් නෑ. වේගෙ ටිකක් වැඩි කරල ඉස්සර කලා. ඊට කලින් හෝන් ගහල සිග්නල් එහෙම දාල ඉඩ ඉල්ලුවට ත්‍රීවීල් ඩයල් එක නෙමෙයි ගණනකටවත් ගත්තෙ. 
ඒගොල්ලො වී.අයි.පී.(Very Important Person) නෙවෙයි වී.වී.අයි.පී.(Very Very Important Person) නෙ. 

තියෙන ගතිය කියන්නෙ මම ඉස්සර කරද්දිත් ඇඟට කැපුවනෙ.

මගෙ කරුමෙ කියන්නෙ සුදු බඳ පටි බාප්ප කෙනෙක් ඉඳලා අත දැම්මනෙ. දන්න තරමට වරදක් කළෙ නැති වුනත් නීති ගරුක පුරවැසියෙක් වශයෙන් වාහනේ නැවැත්තුවා. දැන් පොරවල් ඉන්නවා මම බැහැල එනකම්. ඕන්නම් වරෙන් කියල මම වීදුරු පාත් කරගෙන හිටිය. එක්කෙනෙක් ආව. මගෙ රියදුරු බලපත්‍රෙ ගත්ත. කතාවත් නැතුව යන්න ගියා. විනාඩි දෙකක් විතර බැලුව එන පාටක් නෑ. බැරිම තැන මම බැහැල ගියා. මෙන්න ලියල තියන් ඉන්නව මාගල වගෙ දඩ කොළයක්.

"ඇයි...?" මම ඇහුව.

"වැරදි විදියට ඉස්සර කිරීම."

"මම ඉස්සර කළේ කඩ ඉරි තියෙන තැනකින්"

"ඒ වුනාට තවපොඩ්ඩෙන් ත්‍රීවිල් එක හැප්පෙනව."

"ඔහොම බැලුවොත් අපිට කවදාවත් වාහනයක් ඉස්සර කරන්න හම්බෙන්නෙ නෑනෙ."

දඩ කොළේ මගෙ අතට දෙන ගමන්

"පොලිසියට ඇවිත් මේක ගෙවල ලයිසන් එක ගන්න පුළුවන්."
මේ හාදයො එක්ක කතා කරල වැඩක් නෑ කියල හිතුන නිසා ඒක අරගෙන මම ආව.

වැඩි දුරක් යන්න හම්බුනේ නෑ. පිටුපස්සෙන් ආපු මට දඩ කොළේ දීපු රාළහමිගෙ ට්‍රැෆික් වාහනේ පාරෙ ඉරි සේරම කපාගෙන මාව ඉස්සර කරගෙන ගියා. 

10 comments:

  1. අපි වගේ තුන්වන ලෝකෙ රටවල ඉන්නකොට සෙල්ෆ් ඩිග්නිටි කියන එක පොඩ්ඩක් පැත්තක තියලා පොඩ්ඩක් බැහැලා ගිහින් මල්ලි අර ත්‍රීවීල් එක ඇඟට කැපුවා කියලා ඒකා මුදුනා කලානම් රස්තියාදුව කා එකෙන් බැහැලා යන ටික විතරයි.

    ReplyDelete
  2. Okane api kochchi walayi bus walayi yanne :-)

    ReplyDelete
  3. ඕව ගැන කතා කරල වැඩක් නෑ

    ReplyDelete
  4. කියලා වැඩක් නෑ.... නීතිය රැකිය යුතු ඔවුන් සමහර විට බොරු මවනවා.ඔවුන් කරන වැඩ ගැන කලකිරීම් එමටයි.

    ReplyDelete
  5. බහුතර පොලිස් බල්ලන් ගැන කියනුම කවරේද?

    ReplyDelete
  6. මෙවැනි මිනිසුන් ඉන්න රටක් ඉතින් කවදා හැදෙයිද? හැමදාම වරද කරන එකා බලයේ නාමයෙන් ජය ගන්නවා...මුලු රටම නිලධාරීවාදයකට යටවෙලා... අල්ලසට ගොදුරුවෙලා..

    ReplyDelete
  7. අඩේ.. අද දවසට පාරේ පොලිස් ගැන දෙවනි පෝස්ට් එක... හි හි....

    ReplyDelete
  8. අයියෝ, ඕවා හැමදාම වෙනවා. ඒ අයට කාර් පෙන්නන්න බෑ. උන්ගේ තියෙන්නෙ ඉරිසියාව. ඒකනෙ දිගටම ඉස්සර කරන්න දෙන්නෙ නැතිව යන්නෙ. පොළිස් රාළහාමිලත් බලාගෙන ඉන්නෙ කාක්කො වගේ මේව වෙනකල්. අපේ රටේ නීතිය!

    ReplyDelete
  9. මටත් ඔහොම වැඩක් උනා.හැටන් යන කොට මම ඉස්සර කලේ නියමිත් විදියට පොලිසියෙන් නවත්තුවත් ඔබ වගේම බැස්සේ නැතිව ලයිඝන් එක දුන්න ටිකක පරක්කු වුනාම බලද්දී මෙන් දඩ කොලයක් දුන්නා. හැබැයි එතනදීම මම හොඳටම උන්ට දොස් කිව්වා. මස්කෙලියේ පොලොසිදීත් ඒක අදින්න හිතුනත් එතන හිටපු අයගේ ආචාරශීලීත්වය නිසා මම නිහඬ උනා.
    මේ ලඟදි නුවර යන කොට ඉස්සරහින් ගිය වැන් එක කොට කොටා යද්දී මම නොකාපු ඉරේදී ඉස්සර කලේ මේකා ඉඩ දුන්නෙම නැති හින්දයි. එතනදිත් පොලිසියෙන් මාව නවතුවාම මම බැහැල ගිහින් කාරණේ කිවම එක පිලි ගත්තා.දඩ කොලයක් දුන්නේ නැහැ.

    මා ඔබටත් කියන්නේ මින් ඉදිරෙයේදී වාහනයෙන් නොබස ඉන්න එපා. ආචාරවශිලිව(ආවේග රහිතව) කතා කරන්න (ඉංග්‍රීසියෙන් නෙමෙයි) දඩ කොලෙන් බේරෙන්න පුපුවන්.හැබැයි ඔබට ඉස්සරහ කෙනත් නවත්වල එයාට දඩ කොලේ ලියන කොට ඔබත් අහු උනා නම් සිරිමා තමයි.

    ReplyDelete
  10. ඔකට මට කියන්න තියෙන්නෙ -ස බල්ලො කියල විතරයි.

    ReplyDelete