Monday, July 15, 2013

ගෝණි බිල්ලන් සහ සමාජවාදය

මෙය මාතලන් තබා ඇති මෙම සටහනට ඌන පූර්ණයකි. 

පළමුව මේ පිළිබඳව මගේ ස්ථාවරය ඉදිරිපත් කරමි. 

ගෝණිබිළි ඇඳුම යනු ආගමික අන්තවාදයේ ප්‍රතිමූර්තියකි. ඒ බව මධ්‍යස්ථ මුස්ලිම්වරුන් පවා පිළිගනී. 

(විශාලනය කර කියවීමට පින්තූරය මත ක්ලික් කරන්න.)

මා එයට විරුද්ධ වන්නේ මා ඉස්ලාම් විරෝධියෙක් නිසාවත්, බොදුබල සේනා වැනි සංවිධාන වල පෙළඹීමෙන් හෝ රජයට පක්ෂපාතී නිසාවත් නොවේ. විචාර බුද්ධියෙන් විමසීමෙනි. මා ඔය කී පිරිස් 3 ටම අයත් නොවන නිදහස් මතධාරියෙකි. ඒ බව මේ බ්ලොග් අඩවියේ වෙනත් සටහන් කියැවීමෙන් ඔබට සනාථ කරගත හැකිය. වැඩිය ඕනෑ නැත. මේ බ්ලොග් අඩවියේම ජනප්‍රියම සටහන කියවීම ම සෑහේ.

ඒ අනුව මා එයට විරුද්ධ වන හේතු සැකෙවින් මෙසේ දැක්විය හැකිය:

  1. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම. ඕනෑම ත්‍රස්තයෙකුට එය තුළ සැඟවී ස්වයංක්‍රීය කැමරා වලට වසන් වී අධි ආරක්ෂිත කලාපවලට පවා ඇතුළු වීමට හැකිවීම.
  2. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල අපරාධකරුවන්ට ආරක්ෂාව සැපයීම.
  3. කැමරා පද්ධති වලට වසන් වී කරන බැංකු ආශ්‍රිත මූල්‍ය වංචා කරන්නන්ට අනුබල ලැබීම.
  4. මැතිවරණ වංවා (එකම පුද්ගලයා නැවත නැවත ඡන්දය දැමීමට පැමිණීම නොහොත් හොර ඡන්ද.)
  5. විභාග වංචා. (උසස් පෙළ, නීති ප්‍රවේශය වැනි තරඟ විභාග සඳහා අපේක්ෂකයා වෙනුවට වෙනත් අයෙක් පෙනී සිටීම. මෙය අන් අපේක්ෂකයින්ට කරන බලවත් අසාධාරණයකි.)
  6. කැමරා මගින් සහ පටිගත කළ දර්ශන මගින් සුපිරි වෙළඳ සැල් සහ වෙනත් ආයතන තුල සොරකම් කරන පුද්ගලයින් හඳුනා ගැනීමට නොහැකි වීම.
  7. මෙය පැහැදිළිවම කාන්තා හිංසනයකි. කාන්තාව ස්වභාවයෙන්ම අලංකාර ලෙස හැඳ පැළඳ සමාජයේ කැපී පෙනෙන ලෙස ගැවසීමට කැමතිය. එක අතකින් මෙය මිනිස් සිත පිළිබඳ හැදැරීමක් නොකර කරන ලද අවිද්‍යාත්මක බලහත්කාරී පැටවීමකි
    (අන්තවාදීන්ට මොන මනෝවිද්‍යාවක්ද?) සදාචාර විරෝදී නොවන කැමති ඇඟළුමක්, ආභරණයක් ඇඟලීමට, පැළඳීමට ඇති මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. කාන්තාව යනුද මනුෂ්‍යයෙක් බව මෙවැනි (පහත පුද්ගලයාගේ ප්‍රකාශය බලන්න) අන්තවාදීන්ට නොපෙනීම කණගාටුවකි. 

මෙවැන්නන්ගේ විකෘති මානසිකත්වය ගැන කතා කරන්නට ගියොත් එය මහා පතරංග ජාතකයටත් වඩා දීර්ඝ වේ. කාන්තාවකගේ මුහුණ දැකීමෙන් පාලනය කරගත නොහෙන කාමරාගයෙන් කිළිපොළා යනවා යයි කියන මානසික රෝගීන්ගේ මානසිකත්වය ප්‍රදර්ශනය කරන තවත් එක් නිදර්ශකයක් පමණක් පෙන්වා දීමට අවසර. 



මෙවැනි 'අන්තවාදී අයිතිවාසිකම්' ඉල්ලන්නන්ගේ මානසිකත්වය නොපෙනේද? 

මා මෙසේ කියනා විට ලාංකික මුස්ලිම්වරු ඔය කියන තරම් අන්තවාදීන් නොවන බව කීමට ඕනෑතරම් සෙනඟ සොයා ගත හැකිය. 

තම ගෝත්‍රයට අයත් නොවීමේ එකම 'වරදට' නිර්දෝශී වැදගත් සරසවි ශිෂ්‍යාවක් වෛශ්‍යාවක් බවට නම් කරන්නට පෙළඹේ නම්, තම ගෝත්‍රයෙන් පිටත, එකම ස්ත්‍රී පුරුෂ භාවයේ අයෙකු හා පවා මිත්‍ර වීම දඬුවම් දිය යුතු වරදක් ලෙස සිතයි නම්, එය ගෝත්‍රික අන්තවාදය හැර වෙන කුමක්ද? 

ලංකාවේ ඔය කියන තරම් තලේබාන් මානසිකත්වය ඇති අන්තවාදීන් නැතැයි කියන අයට මොහු දී ඇත්තේ කදිම පිළිතුරකි.

සැ.යු. සෑම මුස්ලිම් මිනිසකුම අන්තවාදියෙක් යයි කියන්නට තරම් මා පිරිහී නැත. මා පෙන්වා දෙන්නේ මෙවැන්නනුත් දුලභ නොවේ යන්න පමණකි.

තත්ත්වය මෙසේ වෙද්දී අප සමාජයේ සමාජවාදීන් කියාගන්නා පිරිස දක්වන්නේ මීට ප්‍රතිවිරුද්ධ පුදුම සහගත මතයකි....!

එනම් රජය ගෝණිබිල්ලා යන සංකල්පය ඔවුන්ගේ අඩුපාඩු වසාගැනීමට සහ මිනිසුන්ගේ අවධානය වෙනත'ක යොමු කිරීමෙන් ප්‍රශ්න අමතක කිරීමට භාවිතා කරන හෙයින්, මෙය පිටුදැකීම නොකළ යුතු බවයි.

මෙය මෙරට බොහෝ සමාජවාදීන් වරද්දා ගත් තැනකි. රජය දැවෙන ප්‍රශ්න වැසීමට යොදාගන්නා පළියටම ආගමික අන්තවාදය හමුවේ මුණිවත රැකිය යුතු බව ඔවුහු විශ්වාස කරති. මේ හේතුව හැරෙන්නට ඔවුන් ඉස්ලාම් අන්තවාදීන් වෙනුවෙන් පෙනී සිටීම සාධාරණීකරනය කරන වෙනත් හේතු:
  • ඔවුන් සුළුතරයක් වීම. කොන්දේසි විරහිතව සුළුතරයගේ පැත්ත ගැනීම සමාජවාදීන්ගේ පරම යුතුකම වේ. (සමාජයේ බහුතරය අතින් සුළුතරයට වන අයිතිවාසිකම් කඩවීම් සහ අසාධාරණකම්වලට එරෙහි වීම සමාජවාදීන්ගේ වගකීමකි.)
  • ඉස්ලාම් අන්තවාදයට විරුද්ධ බලවේගය වන ඇතැම් බෞද්ධ හෝ සිංහල සංවිධාන වලට රජයේ අනුග්‍රහය ලැබීම. (රජයේ අනුග්‍රහය ලබන සංවිධානයක් කොන්දේසි විරහිතව සමාජවාදීන්ගේ හෝ රාජ්‍ය විරෝධීන්ගේ සතුරෙක් ලෙස සැලකිය යුතුය.) 
මගේ පෞද්ගලික අදහස නම් ඉහත ප්‍රස්තුතයන් 3 ම සම්පූර්ණයෙන්ම පුහු පදනම් බවය. සුළුතරය යි කියා හෝ, රජයේ අනුබලය ලබන කණ්ඩායමක ප්‍රතිවාදීන් වූ පළියට යම් කණ්ඩායමකට විශේෂ වරප්‍රසාද නොලැබිය යුතුය. ඔවුන්ගෙන් සමාජයට යම් හානියක් සිදුවේ නම් එය නොසළකා නොහැරිය යුතුය. සුළුතරය යයි කියා රටක් ත්‍රස්තවාදීන් නොසලකා හැරීමේ ඵලවිපාක, ගෝලීය සන්දර්භයේදී වුවමනා තරම් සොයාගත හැකිය.

මා යළිදු අවධාරණය කරන්නේ එන පොට හොඳ නැති බවය. පෞද්ගලික වාසි තකා අන්තවාදයට පිළිතුරු නොදී සිටීම එයට වක්‍ර ආකාරයෙන් අනුබල දීමකි.
ශිෂ්ට සම්පන්න පුරවැසියෙකුගේ පරම යුතුකම අන්තවාදය වැඩෙන්නට හැර උඩ බලා සිටීමද?

14 comments:

  1. මාතලන්ගේ පෝස්ට් එකේ තිබ්බ කමෙන්ට් ඔක්කොම කියෙව්වත් අර කාන්තාවට ආරක්ෂිතම ස්ථානය මිනී වලයි කියලා තිබ්බ කෑල්ල දැක්කේ නෑ... ඒක ඇත්ත නං ඉතිං මෙච්චර කල් කුරාණය ගැන පොඩි හරි ගෞරවයක් මගේ හිතේ තිබ්බ එක ගැන මං ලැජ්ජ වෙනවා...

    ඔය ඇඳුමේ තියෙන භයානකකම ගැන මාත් මීට කලින් කොහෙ හරි ලිව්වා මේ කතා එන්න කලින්... කොහොමහරි මේවා කතාකෙරෙන්න මොකක් හරි වෙන්නම එපැයි මේ මිනිස්සුන්ට... ගෑණුන්ගේ පැත්තෙන් නම් එයාලමයි ඕනෙ නැත්තම් ඕක අතාරින්න ඕනේ... ඒත් ‘ආගමට අනුව ජීවත් වෙන හොඳ සහෝදරියක්” වෙන්න ඕනෙකමට ඒක අස්සෙ රිංගගෙන ඉන්නවා නං ඒකට අපිට කරන්න දෙයක් නෑ... ඒක එයාලගේ අයිතිය... මට නම් ඒකේ ගානක් නෑ...

    හැබැයි මේක සමාජයට තර්ජනයක් වෙන තැනදි නම් මට වැඩක් තියෙනවා... ගෝල්ෆේස් එකට යන්න බෑ ගෝනිබිල්ලෝ වැහි වැහැලා... ළමයි සෙල්ලම් කර කර ඉන්න ගමන් බයවෙලා දුවන් ඇවිත් හැංගෙනවා ඔලුවේ ඉඳන් කළු ඇඳුම් අඳගත්ත කට්ටියක් එනවා කියලා ... ( ගෝනිබිල්ලන්ට බය කරන්නෙ නෑ නේ දැං ළමයින්ව.. ඒත් එයාලා බයයි මේවට...) මං මේ කියන්නේ මූණ ඇරලා අඳින ගෝනිබිලි ඇඳුම ගැනත් එක්කම තමයි....

    ReplyDelete
  2. මමනම් කියන්නේ අල්ලාහා වලපල්ලට යන්නේ කාන්තා විප්ලවයකින් .....

    ReplyDelete
  3. ඔය සමාජවාදීන් කියන ඊනියා බුද්ධිමතුන් ලෙස පෙනී සිටීමට වෙර දරණ පිරිස. එල් ටී ටී ඊ ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන්නෙත් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින්. බැංකු කටයුතුවලදි මෙය ප්‍රශ්ණයක් බව කියා සිටී තම බ්ලොග් අඩවිය කියවන්නෙකුට, සමාජවාදියකු පිළිතුරු දුන්නේ. එසේනම් ඔවුනට වෙනම බැංකු ක්‍රමයක් ක්‍රියාත්මක කරණ ලෙසයි. මේ තර්කයේ හා ඊළම් තර්කය අතර වෙනසක් මා නම් දකින්නේ නෑ. මට තියෙන ප්‍රශ්ණය, සමාජවාදි රාජ්‍යයක් තුල බුර්කාවෙන් සැරසි සිටිය හැකිද යන්නයි. කිසිම සමාජවාදි රාජ්‍යයක් බුර්කාවක් පැළඳ ගමන් කිරීමට කිසිම පුද්ගලයකුට ඉඩක් නැත.

    මෙහේ සමාජවදින් හරි පවු..

    ReplyDelete
    Replies
    1. මෙහේ සමාජවාදීන් කොහොමත් හරි අමුතුයි අදහස් වලින්... මේ තියෙන්නෙ උදාහරණ. පවු ම තමා. :D :D

      Delete
  4. මෙව්වා ගැන මෙතන කතාකොරන්ට යාමෙන් මගේ අදහස්වල ඇති මොට්ට බව පෙනේදැයි බයකුත් ඇති වෙනවා... එක්කෝ කමක් නැහැ....

    උගත් කියන කට්ටිය අතරෙත් ඔය තලේබාන් ආකල්ප තියෙනවා හොදටම.... මටත් මතකයි අපේ කැම්පස් එකත් ලස්සන මුස්ලිම් ගෑනු ළමයෙක් උන්නා. එය ගිහිල්ල තිබ්බෙත් බව්ද්ද ( ස්පෙලින්ග්ස් ගන්න බැහැ නේ අප්පා හරියට... කමා කොරන්ට...) පාසලකට. ඒ කාලේ එය ශෝල් එකක් විතරයිලු යුනිෆෝර්ම් එකට උඩින් දැම්මේ කියල එයත් එක්ක ඉගෙනගත්තු අය කිව්වේ. කැම්පස් එකට ආපු ගමන් ඔලුවේ ඉදං වහගෙන උන්නේ.
    ඒ ළමයාගේ නරකක් කියනවා නෙවෙයි... ඒ උනාට සාමාන්‍ය ඇඳුමෙන් එන ළමයින්ගේ චර්යාව හොදයි ඇඳුමෙන් විතරක් වැහිලා උන්නට.
    මගේ නම් විශේෂ විරුද්ධත්වයක් නැහැ .ඇඳුමට නම්.. ඒ උනාට ආකල්ප වල තියෙන දැඩි බවට මම එදා ඉදං පුදුම අකමැත්තක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක හරි. අපේ කතානායක මුස්ලිම් මහත්තයත් බොහොම උගත්, අරාබි දැනුම තියෙන කෙනෙක් කියලයි කියන්නෙ..බලන්නකො මාතලන්ගෙ පෝස්ට් එකට ගිහින්...

      Delete
    2. ගියා.... ගියා.... එතන මහා කාලගෝට්ටියක් නොවෑ !
      මම යනකොට කට්ටිය ගහගෙන, මරාගෙන ඉවරයි අප්පා.... සුන්බුන් මිසක් බල්ලෙක් වත් නැහැ නේ... ගහගන්න කියල ගියේ... ඔන්න ඔහේ ආවා මෙතනටම...
      සන්ඩුව ඉවර හින්ද මගේ ජෝලියත් නිකන් මෙව්වා උනා..

      මේක අපි හැමදාම මඩේ දදා හෝදන රෙදි කෑල්ල නේ...
      ඉවරයක් නැහැ ඒ ගැන කතා කොරලා... අන්දයෙක්ට කොහොමද ඉතින් අලියෙක් ගැන විස්තර කරන්නේ? අන්න එහෙමයි මට හිතෙන්නේ මේ ගැන අන්තවදියෝ එක්ක කතා කරන එක....


      Delete
    3. :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

      Delete
  5. මුස්ලිම් කාන්තාවන් මුලින්ම මේ ඇදුම ඇදල තියෙන්නෙ ඇයි? ඒ ඇදුම වර්තමානයට ගැලපෙනවද? ඒ ඇදුම නොඇද සිටිය හැකිද?

    ReplyDelete
  6. ඉස්ලාම් ආගම පුරාම තියෙන්නේ මිල්ච්ඡ ගෝත්‍රික අදහස් , ඒවා ඔක්කොම සුද්ද කරන්න අපිට බෑ , නමුත් රටක් විදිහට සමස්ථ ජනතාවගේ මානව අයිතීන් පිලිබඳව හිතලා කටයුතු කරනවා නම් මුස්ලිම් කාන්තාවන්ටත් සහනයක් ලැබෙයි

    ReplyDelete
  7. මාතලන්ට දාපු කොමෙන්ටුව මෙතන පේස්ට්
    ලංකාව යනු තලේබාන් මෝඩ හැත්ත ගේ නුඋගත් රට නෙමේ ඒ විදිහට ජිවත් වෙන්න කැමති උන් (නුගත් හම්බයන්) හින්නවානම් අපිට පව් නොදී ඒ රටකට ගොස් ජිවත් වීම උන්ටත් හොඳය අපිටත් හොඳය. ඔය ගෝනි බිලි ඇඳුම මාර ශෝක් ඒක තමයි නියම ආගමික විදිහට ඉන්න ක්‍රමය කියන එකෙක් වත් කැමතිද ඇෆ්ගනිස්ථානයට ගිහින් මුස්ලිම් කාන්තාවක් විදිහට ජිවත් වෙන්න?

    ReplyDelete